Thursday, October 6, 2016

dara widyuthaya 1

ධාරා විද්‍යුතය
|   ඒකක කාලයක දී ආරෝපණ ගලා යෑමේ සීඝ්‍රතාව ධාරාව වේ. I(A හෝ C s-1) = Q(C) / t(s)
|   ධාරා ඝනත්වය J(A m-2) = I(A) / A(m2)
|  සන්නායකයක දෙකෙළවර විභව අන්තරයක් යෙදූ විට ඒ තුළ පවතින නිදහස් ඉලෙක්ට්‍රෝනවල ප්ලාවිත ප්‍රවේගය               Vd = I / (Ane)
Q - ආරෝපණ
t  - කාලය
e  - ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය
A - වර්ගඵලය
n  - සන්නායකයේ ඒකක පරිමාවක අඩංගු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව

ඕම් නියමය
උෂ්ණත්වය හා සන්නායකයේ භෞතික සාධක නියතව පවතින විට සන්නායකය තුළින් ගලා යන විද්‍යුත් ධාරාව, එහි දෙකෙලවර පවත්වා ගෙන ඇති විභව අන්තරයට අනුලෝම ව සමානුපාතික වේ.
V(v) = I(A) . R(Ω)

|   ඕමික සන්නායක යනු ඕම් නීතිය පිළිපදින සන්නායක වේ.
        |  අනෝමික සන්නායක යනු ඕම් නීතිය නොපිළිපදින සන්නායක වේ.
උදා : සූත්‍රිකා බල්බය, ඩයොඩය, විද්‍යුත් විච්ඡේදනය

R(Ω) = ρ(Ω m හෝ m S-1) . l(m)  / A(m2)
R - ප්‍රතිරෝධය
ρ - ප්‍රතිරෝධකතාව
l  - සන්නායකයේ දිග
A - ධාරාව ගලා යන දිශාවට අභිලම්භ හරස්කඩ වර්ගඵලය
|  ප්‍රතිරෝධකතාව උෂ්ණත්වය සමඟ වෙනස් වේ.
|  සන්නායකතාව    σ(-1 m-1 හෝ S m-1)  = 1/ρ(Ω m හෝ m S-1)

Rθ = R0 (1 + αθ)
R0 - 00C දී ප්‍රතිරෝධය
Rθ - θ0C දී ප්‍රතිරෝධය

α  - ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය


2 comments: