Thursday, October 20, 2016

daaraa widyuthaya2

වින්ස්ටන් සේතුව
ධාරාවක් ගලා ගෙන යන්න විභව අන්තරයක් තියෙන්න ඕනෙ නේ. ඉතින් ගැල්වනොමීටරය හරහා ධාරාවක් නොයන්න නම් (ගැල්වනොමීටරයේ පාඨාංකය ශුන්‍ය වෙන්න නම්) VB හා VC අතර විභව අන්තරයක් තියෙන්න බෑ නේ. ඒ නිසා VAB = VAC වෙන්න ඕනේ.

   

මීටර් සේතුව

කර්චොෆ් නියම
I වන නීතිය :- සන්ධියක් වෙතට පැමිණෙන ධාරාවල වීජීය එකතුව ශුන්‍ය වේ.
සන්ධිය වෙතට නම් (+)
සන්ධියෙන් ඉවතට නම් (-) ලෙස සළකා එකතු කරන්න.

වන නීතිය :- සංවෘත පරිපථයක විද්‍යුත් ගාමක බල වල වීජ එකතුව IR   ගුණිතවල වීජ එකතුවට සමාන වේ.
විභව නැග්මක් නම් (+)විභව බැස්මක් නම් (-) ද ලෙස සළකන්න.

∑E = ∑IR 


Thursday, October 6, 2016

dara widyuthaya 1

ධාරා විද්‍යුතය
|   ඒකක කාලයක දී ආරෝපණ ගලා යෑමේ සීඝ්‍රතාව ධාරාව වේ. I(A හෝ C s-1) = Q(C) / t(s)
|   ධාරා ඝනත්වය J(A m-2) = I(A) / A(m2)
|  සන්නායකයක දෙකෙළවර විභව අන්තරයක් යෙදූ විට ඒ තුළ පවතින නිදහස් ඉලෙක්ට්‍රෝනවල ප්ලාවිත ප්‍රවේගය               Vd = I / (Ane)
Q - ආරෝපණ
t  - කාලය
e  - ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය
A - වර්ගඵලය
n  - සන්නායකයේ ඒකක පරිමාවක අඩංගු නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව

ඕම් නියමය
උෂ්ණත්වය හා සන්නායකයේ භෞතික සාධක නියතව පවතින විට සන්නායකය තුළින් ගලා යන විද්‍යුත් ධාරාව, එහි දෙකෙලවර පවත්වා ගෙන ඇති විභව අන්තරයට අනුලෝම ව සමානුපාතික වේ.
V(v) = I(A) . R(Ω)

|   ඕමික සන්නායක යනු ඕම් නීතිය පිළිපදින සන්නායක වේ.
        |  අනෝමික සන්නායක යනු ඕම් නීතිය නොපිළිපදින සන්නායක වේ.
උදා : සූත්‍රිකා බල්බය, ඩයොඩය, විද්‍යුත් විච්ඡේදනය

R(Ω) = ρ(Ω m හෝ m S-1) . l(m)  / A(m2)
R - ප්‍රතිරෝධය
ρ - ප්‍රතිරෝධකතාව
l  - සන්නායකයේ දිග
A - ධාරාව ගලා යන දිශාවට අභිලම්භ හරස්කඩ වර්ගඵලය
|  ප්‍රතිරෝධකතාව උෂ්ණත්වය සමඟ වෙනස් වේ.
|  සන්නායකතාව    σ(-1 m-1 හෝ S m-1)  = 1/ρ(Ω m හෝ m S-1)

Rθ = R0 (1 + αθ)
R0 - 00C දී ප්‍රතිරෝධය
Rθ - θ0C දී ප්‍රතිරෝධය

α  - ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය


Sunday, September 25, 2016

Chalitha sameekarana

නියත ත්වරණයක් යටතේ චලිත වන වස්තුවක විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය හා කාලය සම්බන්ධ කොට ගොඩ නඟන ලද සමීකරණ


Wednesday, September 14, 2016

ප්‍රත්‍යස්ථතාව

හුක් නියමය
F - බලය               e - විතතිය            k - දුනු නියතය
  • දුනු නියතය ද්‍රව්‍යය හා මාන මත රදා පවතී


තන්තු ශ්‍රේණිගත ව සම්බන්ධ කළ විට, බලය පොදු වේ.


 
තන්තු සමාන්තරගත ව සම්බන්ධ කළ විට, විතතිය පොදු වේ.

ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය
තන්‍ය ද්‍රව්‍ය සඳහා ප්‍රස්ථාරය

භංගුර ද්‍රව්‍ය සඳහා ප්‍රස්ථාරය

ප්‍රත්‍යස්ථතා මාපාංකය / යං මාපාංකය (Y/E)

        A - ක්‍රියාකරන වර්ගඵලය                  l - මුල් දිග
                 F - බලය                                          e - විතතිය

ප්‍රත්‍යස්ථ මන්දායනය
ප්‍රත්‍යස්ථ වස්තුවක් මත බලයක් යොදා එය විතතියකට ලක්කළ විට නැවත මුල් පිහිටුමට පැමිණෙන අතරතුර දී වස්තුව මත යෙදුණ බලයට වඩා අඩු බලයක් නිදහස් කිරීම ප්‍රත්‍යස්ථ මන්දායනය නම් වේ.
වස්තුව මත කෙරුණු කාර්යයට වඩා වස්තුව මඟින් කළ කාර්යය ප්‍රමානය කුඩා වේ.
  • වැඩිපුර ශක්තිය වස්තුව මඟින් තාපය බවට හරවා ඇතැයි උපකල්පනය කළ හැක.


ප්‍රත්‍යස්ථ විඩාව
ප්‍රත්‍යස්ථ වස්තුවක් කීප අවස්ථාවක් එකම තැනින් නවා දිග හැර කැඩීමේ හැකියාව වේ.

උදා: කම්බියක් කිහිපවරක් එකම තැනින් නවා දිග හැරි විට කැඩී යාම.

Sunday, September 11, 2016

ගුරුත්වජ ක්ෂේත්‍ර


ගුරුත්වජ ක්ෂේත්‍ර තීව්‍රතාව
ඒකීය ස්කන්ධයක් මත බලය

g හා r අතර ප්‍රස්ථාරය

ගුරුත්වජ විභවය
කිසියම් ලක්ෂ්‍යයක ගුරුත්වකර්ෂණ විභවය යනු අනන්තයේ සිට ඒකීය ස්කන්ධයක් එම ලක්ෂ්‍යය වෙතට චාලක ශක්තිය නියත වන පරිදි කළ යුතු කාර්යය ප්‍රමාණයයි.

ගුරුත්වජ විභවය පථයෙන් ස්වායක්ත වේ.

විභව ශක්තිය.

වියෝග ප්‍රවේගය
ශක්ති සංස්ථිතික මූලධර්මය
        මුල් ශක්තිය = අවසාන ශක්තිය
චාලක ශක්තිය + විභව ශක්තිය = අවසාන ශක්තිය

චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට එයට ලබා දිය යුතු ප්‍රවේගය
මේක මතක තිය ගන්න ඕනෙ නෑ. ඇතුලට තියෙන බලය එලියට තියෙන බලයට සමාන කරන්න. ඒ කියන්නේ
ඇතුලට තියෙන බලය - ගුරුත්වකර්ෂණ විභව ශක්තිය
එලියට තියෙන බලය - කේන්ද්‍රාපසාරි බලය



Friday, September 9, 2016

graphs

අද තමයි අපේ short notes  පටන් ගන්න දවස. අපි මුලින්ම අපිට හැම unit 1කදීම ඕනෙ වෙන ප්‍රස්ථාර කොටස ගැන කෙටියෙන් ඉගෙන ගමු.

විස්ථාපන - කාල වක්‍ර









ප්‍රවේග - කාල වක්‍ර








ඊළඟ දවසේ තවත් පාඩමකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.


මේ short notes වල අඩුපාඩු තියෙනව නම් හරි තේරෙන් නැති දෙයක් තියෙනවා නම් හරි comment කරලා යන්න.